දකුණු අප්‍රිකා ප්‍රවීණයන් පැරදූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් අවසන් මහා තරගයට

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමස් වුණා.

ඒ දකුණු අප්‍රිකාණු ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහදුන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 125ක් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර කඩුලු 5ක් බිද හෙලිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා ජයග්‍රාහි සීමාව පසුකළා.

උපුල් තරංග නොදැවී ලකුණු 39ක් ද චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47ක් ද ලබා ගත්තා.

එ අනුව රෝඩ් ෆෙස්ටි ලෝක ශූරතා අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහ බන්දීය ක්‍රිකට් ප්‍රවීණයන් අතර ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි’

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *