කිරිපිටි කිලෝවක් රු 80 කින් වැඩි කරන්න සමාගම්වලට අවසර

කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් කමිටුව කිරිපිටි සමාගම්වලට අවසර ලබාදී තිඛෙනවා.
ඒ අනුව සති 3ක් ඇතුලත් කිරිපිටි මිල ගණන් ඉහලයාමට නියමිතයි.
මෙහිදී ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 32කින් පමණ ඉහල යනු ඇති.
කිරිපිටි ආනයනය කර බෙදා හරින සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා සිටියේ ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල වැඩි කරන ලෙසයි.
ඒ අනුව මේ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබුණු අතර මේ සම්බන්ධයෙන් වන තීරණය ඊයේ ලබාදී තිබුණා.
ඒ අනුව ළදරු කිරිපිටි හැර අනෙකුත් සියලූම කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීමට නියමිතයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :