ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්කර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණක් වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු උපුටා දක්වමින් වාර්තා කිහිපයක් පල කර තිඛෙනවා.

එහිදී සඳහන් කර ඇත්තේ,යම් හෙයකින් මෙම විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ අති බහුතරයක් රාජපක්ෂවරුන් සමග එකඟතාවයකින් කටයුතු කරන බවද එම වාර්තා හෙළිකරනවා.

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර “විරසකයක් ඇති කිරීමේ” සහ “ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ” කුමන්ත්‍රණයක් යනුවෙන් ශ්‍රීලනිප මහ ලේකම් වරයාද මිට පෙර සඳහන් කර තිබුණා.

එහෙයින්, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවද ඔහු සදහන් කළා.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් සදහන් කර තිඛෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :