මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මාන අතරින් වැඩි ප්‍රමාණයක් හිමිවූයේ කූඹියෝ ටෙලි නාට්‍යයටයි. ඒ අනුව ජනප්‍රියම ටෙලි නාට්‍යය හා ජනප්‍රියම රංගන ශිල්පියා බිහිවූයේද එම ටෙලි නාට්‍යයෙනුයි. සීනි බෝල නාට්‍ය කලාව අතික්‍රමණය කරමින් කූඹිෙයෝ ලැබූ ජය පිළිබදව සිය සම්මානය දිනාගනිමින් තුමිඳු දොඩන්තැන්න විසින් දක්වන ලද කෙටි අදහස් සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගත්තා.

“මම විශ්වාස කරන්නේ සම්මානය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. මට අනුව නම් සහ මේ සම්මානයට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ට අනුව මේ සිස්ටම් එක හරිම අප්සට්. මම කැමති එක පැත්තකින් මේ රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් සභාව ඉස්සරහා ඉද්දිම මේක කියන්න. මේ සම්මානය විසින් පෙන්වන්නේ මේ අප්සට්, මේ ජරාජීර්ණ, මේ විසඳිය යුතු, මේ ගොඩගන්න බැරි සිස්ටම් එක පිළිබඳ ඔවුනට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමා ඔවුන් විසින් ජනතා ජනප්‍රියම සම්මානයට ඔසවා තබන්නේ.”

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :