පැරෂුට් පුහුණුවක් අතර අනතුරකින් ගුවන් හමුදා නිලධාරියකු මරුට

අම්පාර ප්‍රදේශයේ සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු මරණයට පත්ව තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසූරිය මහතා සඳහන් කළේ අද පෙරවරුවේ එම අනතුර සිදුවූ බවයි.
අම්පාර ගුවන් හමුදා පැරෂූට් පුහුණු පාසලෙන් පුහුණුවීම් සඳහා පිටව ගිය නිලධාරියකු මෙසේ මරණයට පත්ව තිබුණා.
අඩි 8000ක පමණ උසක සිට ගුවන් හමුදා නිලධාරියා සහ අනෙක් ගුවන් හමුදා සෙබළා බිමට පැන ඇති අතර එහිදී පැරෂූට් දෙක එකිනෙක පැටලීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ අනෙක් ගුවන් සෙබළා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *