පස්සර බස් අනතුරෙන් තුවාල ලැබූ තවත් අයකු මරුට / සිද්ධියෙන් 15 ක් මියගොස් 30කට තුවාල

Sri Lanka

පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තවත් තිස් දෙනකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් අතරින් දෙදෙනකු බරපතල මට්ටමේ පසුවන අතර 7 දෙනකු ශල්‍යකර්මවලට ලක් කර තිබෙනවා.
තුවාල ලැබූවන් අතරට කාන්තාවන් 16 ක් හා පුද්ගලයන් 14ක් ඇතුලත්.
වයස අවුරුදු 11ත් 13 අතර දරුවන් තිදෙනකු ද සිද්ධියෙන් තුවාල ලැබුවා.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය අද පෙරවරු 7.15 ටයි අනතුරට පත්වුණේ.
සිද්ධියෙන් එහි රියදුරා ද මරණයට පත්වුණා.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 45ක්.
අපරීක්ෂාකාරී රිය ධාවනය හා මාර්ගයේ ආරක්ෂක පැති බාධකයන් නොතිබීම ද මෙම අනතුරට මුල්ව තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *