ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවයට විශේෂ සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින්.
ඒ වසර 8 ක ට පසු මුල් වරටයි.
ඉන්දීය කොංග්‍රස් රජය පැවති සමයේ දී මහින්ද රාජපක්ෂ රජය සමග හොඳ අවබෝධයකින් කටයුතු කළ බවත් වර්තමානයේදී එම තත්ත්වය දක්නට නොලැබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ රජය විසින් ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව යොදා ගැනීම සදහා චීනයට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. මෙහිදී විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ හෘද සාක්ෂියට එකගව යුධ සමයේදී කිසිදු අපරාධයක් සිදු නොවූ බවයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :