ඇස්ට්‍ර සෙනිකා එන්නත් යුරෝපයෙන් පිටතට අපනයනය තහනම් කිරීමේ සූදානමක්

Sri Lanka

ඇස්ට්‍රසෙනිකා එන්නත යුරෝපා සංගමයෙන් පිටත රටවලට අපනයනය කිරීම , තහනම් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
යුරෝපා සංගමය පවසන්නේ සාමාජික රටවලට එන්නත් අවශ්‍ය පරිදි සම්පාදනය කිරීමට අපොහොසත්වීම මෙන්ම යුරෝපයේ 3වන කොරෝනා රැල්ලක් ආරම්භවීම මෙම තත්ත්වයට මූලිකවී ඇති බවයි.
යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලියෑන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි අවදානම් අවම කර ගැනීම සඳහා විකල්පයක් ලෙස ඇස්ට්‍රසෙනිකා එන්නත රදවා ගැනීමට අවදානය යොමුකරන බවයි.
මෙම වසරේ මුල් මාස 3 තුල එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබාදීමට ඇස්ට්‍රා සෙනිකා සමාගම එකඟ
වී තිබුණද එම ආයතනය විසින් මේ වන විටත් යුරෝපයට සපයා ඇත්තේ එන්නත් මිලියන 27කත් පමණයි.
එසේම එන්නත්කරණය දුර්වල කරමින් වැඩි වේගයකින් වෛරසය ද ව්‍යාප්ත වෙමින් පවතිනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *