විශ්වාසභංගයට අත්සන් කළ අයගේ සදාචාරය ප්‍රශ්නයක් / නියෝජ්‍ය ඇමති අලවතුවල

රජයේ අමාත්‍ය ධූර දරමින් කිසිවකු හෝ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයකට අත්සන් තබන්නේ නම් එම පිරිස සදාචාරය අනුව අමාත්‍ය ධූර අතහැර දැමිය යුතු බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලනඥයන් සදාචාරය අනුව කටයුතු කිරීම වඩාත් වැදගත් බවයි.
පටු අරමුණු වෙනුවෙන් හෝ වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් විශ්වාසභංගයක් ගෙන ඒම ඒකාබද්ධ විපක්ෂයේ බංකොලොත්භාවය බවත් එය පරාජය කිරීමට නිසැකවම කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ මොහොතේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ශක්තිමත්ව එක් මතයක සිටින බැවින් ඉදිරි අභියෝග සදහා පක්ෂය සූදානම් බවද අලවතුවල මහතා අවධාරණය කළා.

 

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :