චීනයට බලපෑම් කරන්නැයි ඉල්ලා අමෙරිකාවට ලිපියක්

චීනයේ උයිගර් ජන කොටස් නියෝජනය කරන ජාත්‍යන්තර උයිගර් එකමුතුව ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ චීනයේ සීජියෑන්හී උයිගර් රැඳවුම් කඳවුරු වසා දමන ලෙස චීනය සමග පැවැත්වෙන සාකච්ජාවේදී එරටට බලපෑම් කරන ලෙසයි.
මෙම ලිපිය මගින් පවසන්නේ මිලියනයකට අධික මුස්ලිම් උයිගර්වරු සහ අනෙකුත් තුර්කි සම්භවයක් සහිත මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් චීනය විසින් රදවාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනා බැහැර කරන චීනය පවසන්නේ ඉස්ලාමීය අන්තවාදය සහ බෙදුම්වාදය තුරන් කිරීම සඳහා එම පිරිස්වලට කඳවුරු තුල වෘත්තීය පුහුණුව ලබා දෙන බවයි.
අමෙරිකානු චීන සාකච්ජා කරුණු කිහිපයක් හේතුවෙන් උණුසුම්ව ඇති අතර මෙම ලිපියද ඒ සඳහා දායක වනු ඇති බවයි රොයිටර් පුවත් සේවය පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *