පස්සර බස් අනතුරෙන් රියදුරා මිය නොගිය බව හෙළිවේ / අනතුරට පත්වූවන් බේරා ගැනීමේදී අයෙකුට බරපතල තුවාල

අද පෙරවරුවේ පස්සර ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුරින් රථයේ රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා.
එම රියදුරා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
කෙසේ වෙතත් අද පෙරවරුවේ මෙම අනතුරෙන් පසු වාර්තා වුණේ රියදුරාද අනතුරෙන් මරණයට පත්ව ඇති බවයි.
එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රියදුරු අසුන අසලින් හමුවූ මළ සිරුර රියදුරාගේ නොව වෙනත් අයකුගේ බව හඳුනාගත් බවයි.
බස් රථයේ රියදුරා බව කියන 53 හැවිරිදි තැනැත්තා , බරපතල තත්ත්වයෙන් යුතුව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මෙම අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.
අනතුරෙන් විනාශවූ බස් රථය ද පූර්ණ තාක්ෂණික පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

මෙහිදී තුවාල ලැබූවන් බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි අයකු ගලක් පෙරලීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *