කුවේට් රාජ්‍යයේ මාර්ග නිති වෙනසකට ලක්කරමින් කුවේට් රථ වාහන අධිකාරිය විසින් එරට වැසියන්ට නව නීති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කොට තිබේ.

එම නීතියට අනුව මෝටර් රථ ධාවනය කිරීමේදි ජංගම දුරකථන භාවිතා කරන සහ බඳපටි නිසි පරිදි නොපළදින රියදුරන්ට එරෙහි දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් එම නීති මාර්තු 28 වෙනි දින සිට එරට තුළ බලපැවැත්වෙන බවත් දන්වා සිටී.

අදාළ නීති ක්‍රියාත්මක කිරීම් කුවේට් City එක තුල තදින්ම ක්‍රියාත්මක කරන බව අධිකාරිය විසින් විශේෂයෙන් සිහිපත්කර තිබෙන අතර නීති අකුරටම ඉටුකරන බවත් ප්‍රකාශකර ඇත.

ප්‍රධාන මාර්ග රැසක සවිකර ඇති ජංගම ආරක්ෂිත කැමරා ඔස්සේ නිවැරදි දත්ත ලැබෙන නිසා නීති රීති උල්ලංඝනය කරන රියදුරන් පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකි අතර එම නිසා රියදුරන්ට සිය වරද සාක්ෂි ඔස්සේ තහවුරු කළ හැකි බවත් සිහිපත් කරයි.

යම් රියදුරෙකු අදාළ නීති කඩකළොත් ඔවුන්ව හඳුනගෙන කෙටි පණිවිඩයක් මඟින් දැණුම් දී ඉන්පසු නීතිමඟින් කටයුතු කරන බව කුවේට් පොලීසිය දන්වා සිටී.

අදාළ නීති සම්බන්ධයෙන් වැඩිදුරටත් නිවේදන නිකුත් කරමින් කුවේට් රථ වාහන අධිකාරිය නිවේදනය කර ඇත්තේ සිය රටේ සියළුම වැසියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාල නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.

වැඩබිම

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :