ගල්කිස්සේ දී අතුරුදන්ව සිටි පාසල් සිසුවා යලි නිවසට

Sri Lanka

ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අතුරුදන් වූ 15 හැවිරිදි පාසල් සිසුවා ඊයේ(20) රාත්‍රි යළි නිවසට පැමිණ තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බව නිවසට පැමිණි පසු මෙම දරුවා ප්‍රකාශකර ඇතැයි සඳහන්.

නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව ප්‍රකාශ කලේ සිසුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි.

පොලීසිය ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මෙම සිසුවා සොයා පොලිස් කණ්ඩායම් 4ක් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබුවා.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවෝන් කෙනී නමැති මෙම සිසුවා නිවසින් අතුරුදන්ව තිබුණේ පෙරේදා පෙරවරුවේ සිටයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *