කොරෝනා අවදානම ඉවර නෑ / ආරක්ෂිත උපදෙස් පිළිපදින්න

Sri Lanka

කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති බැවින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රාජ්‍ය අමාත්‍යවරිය දැනුම් දෙන්නේ, උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙසයි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,846ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 346 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,836ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *