පස්සර බස් අනතුරේ රියදුරා හා ටිපර් රියදුරා රිමාන්ඩ්

පස්සර ප්‍රදේශයේ සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔහු රෝහල්ගතව සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරින් පසු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අනතුරෙන් පසු පළාගොස් සිටි ටිපර් රථ රියදුරා 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.
ඔහු මෙම අනතුර අවස්ථාවේ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *