තම නියෝගය නොතකා ආර්ථික කළමනාකරණ කමිටුව අඛණ්ඩව රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී දැඩිව අදහස් පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන ලෙසට පැහැදිළිව උපදෙස් දී තිබියදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව තවදුරටත් කටයුතු කිරීම දැඩි ගැටලුවක් බවටයි ජනාධිපතිවරයා අදහස් දක්වා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාටද දැඩිව ජනාධිපතිවරයා දෝෂාරෝපණය කළ බවද එම වාර්තා සදහන් කළා.
ඒ අනුව දෙසතියක් තුල මේ සදහා විසදුම් ලබාගත හැකිවනු ඇති බවටයි මලික් සමරවික්‍රම මහතා මෙහිදී අදහස් දක්වා ඇත්තේ.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ සමාගමකට ලබාදීමේ දී මේ ආර්ථික කළමනාකරණ කමිටුව ක්‍රියා කර ඇති ආකාරයද ජනාධිපතිවරයාගේ දෝෂදර්ෂණයට ලක්වූ බවයි එම වාර්තා වැඩිදුරටත් හෙළි කළේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :