මරණයෙන් පසුව අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක්

මරණයෙන් පසුව අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකර තිබෙනවා.
මොළය මියගිය පුද්ගලයින්ගේ අවයම බද්ධ කිරීම ලොව පුරා සිදු කෙරෙමින් පවතින ශල්‍යකර්මයක් වන නමුත් ශ්‍රී ලංකාවේ එලෙස අවයව දන්දීම සඳහා මරණයට පෙර කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් වසරකට 750 – 1000ත් අතර ප්‍රමාණයකගේ අවයව ප්‍රයෝජනයට ගැනීමකින් තොරව මිහිදන් කිරීම සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම

මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීම, කාලයක සිට ලොව පුරා සිදු කෙරෙමින් පවතින ශල්‍යකර්මයකි. මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි.

අවයව දන්දීම සඳහා මරණයට පෙර කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් වසරකට 750-1000ත් අතර ප්‍රමාණයකගේ අවයව ප්‍රයෝජනයකට ගැනීමකින් තොරව මිහිදන් කෙරෙන බැවින්, මරණයෙන් පසු අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත පළ කිරීමට මහජනතාව වෙත අවස්ථාව සලසා දීම රජයේ වගකීමකි. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය හා ලෙබනනය යන රටවල් සිය ජාතික දත්ත පද්ධති යොදා ගනිමින් මෙම කාර්යය සිදු කරන අතර, අන්තර්ජාලය, දුරකථන, කෙටි පණිවිඩ ආදිය මඟින් අවයව දන්දීමේ දත්ත පද්ධතිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථා රැසක් එක්සත් රාජධානිය වැනි රටවල් විසින් සලසා දෙනු ලැබ ඇත.

විශේෂයෙන්ම, මෝටර් රථ හදිසි අනතුරු මොළය මියයාමේ මරණ සිදුවීමට ප්‍රධාන හේතුවක් වන අතර, ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම 2,500කට වැඩි පිරිසක් මෝටර් රථ හදිසි අනතුරු හේතුවෙන් මිය යන බව ගණන් බලා තිබේ. ඒ අනුව, මරණයෙන් පසු අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :