අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනකු විකිරණශීලී කාමරයක හිර කරලා

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනකු විකිරණශීලී කාමරයක් තුළ පැයක් පමණ කාලයක් අගුලුදමා රඳවා තැබූ බවට මහරගම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එම හෙදියන් දෙදෙනාව විකිරණශීලී කාමරය තුළ පැයක් පමණ කාලයක් එහි සිරකර සිටි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

එම පැමිණිල්ල එම රෝහලේම සේවය කරන  විකිරණ සේවකයින් දෙදෙනෙක් ට එරෙහිව ඉදිරිපත්කර ඇති අතර ඉන් එක් සේවකයකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *