මෙරටට ලබාදීම අත්හිටුවා තිබූ අමෙරිකානු වරණීය තීරුබදු සහනය නැවත ලබාදීමට අවසර ලබා දෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා එරට අයවැය පනතට අත්සන් තබා තිබෙනවා.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
මෙම සහනය පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු මෙරටට හිමි නොවන බවයි නිවේදනය කර තිබුණේ.
එහෙත් පසුගිය 23 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නැවත වරක් ජීඑස්පී සහනය අනුමත කරමින් අයවැය පනතට අත්සන් තබා ඇති බවයි කොලඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :