වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් බම්බලපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී රංගජීව මහතා අත්අඩංගුවට ගෙන තිබුණා.
2012 වසරේදී සිදු වූ වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙනගිය බවට ඇසින් දුටු සාක්ෂි මගින් තහවුරු වී තිබීමයි ඊට හේතු වන්නේ.
පසුව එම රැදවියන්ගේ මල සිරුරු සොයාගෙන තිබුණා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :