සපුගස්කන්ද කොරෝනා පොකුර ගැන විමර්ශනයට විශේෂ කමිටුවක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් 474 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුවයි.
බලශක්ති අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවෙන බවයි.
සාමාන්‍ය දිනවලට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරිපහදුවේ කටයුතුවල දෛනිකව නියලෙන තත්වයක් තුළ එම රෝගීන් වාර්තාවීම සිදුවී ඇතැයි ද එම නිවේදනයේ සදහන්.
මෙය කළමණාකාරිත්වයේ කිසියම් අසාර්ථකතාවයක් , සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් ද යන්න සොයා බැලීමට නියමිතයි.
කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතු වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *