MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ /SoFA ගැන තවමත් තීරණයක් නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Sri Lanka

ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අදාළ ගිවිසුම අත්සන් තැබීම වළකැවන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද නැවත සළකා බැලූ අවස්ථාවේදී යි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණයක් ගෙන නොමැති බවයි.
එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත්කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.
අමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ ,සෝෆා, ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දන්වා ඇත්තේ.
ඒ අනුව එම පෙත්සම් ජුලි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *