සිර දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලා රන්ජන් ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුව තමන්ට පනවා තිබෙන සිර දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඔහුගේ නීතිඥ මහත්වරු මාර්ගයෙන් ඉදිරිපත්කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවමක් නියමවීමෙන් පසුවයි රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් එම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ.

එම මෝසම තුළින් රන්ජන් රාමනායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය හිමිකම පවතින බවයි.

ඒ අනුව තමන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසරදෙන ලෙසත් එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකාබලන ලෙසත් ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර තිබුණා.

මේ අතර තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් වලක්වාලන නියෝගයක් ඉල්ලමින්ද රන්ජන් රාමනායක මහතා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *