පක්ෂ නායක රැස්වීමේදී තිලංගට දැඩි අප්‍රසාදයක් ?

පාර්ලිමේන්තු සංකීරණයේදී ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාට ඇතැම් පක්ෂ නියෝජිතයින් බරපතල චෝදනා රැසක් එල්ල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ නියෝජ්‍ය කතානායක ධූරය දරමින් පක්ෂ දේශපාලනයේ නිරතවීම හා දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක කළ බවටයි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මේ පිළිබද පළමු චෝදනාව එල්ල කර තිබුණා.
මේ මොහොතේ නියෝජ්‍ය කථානායකවරයාගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අවමානයක් බවටයි මෙහිදී චෝදනා කර ඇත්තේ.
නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී තිලංග සුමතිපාල මහතාගේ හැසිරීමද මෙහිදී අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
ඒ අනුව පක්ෂ නායක රැස්වීමේ බහුතරයක් විසින් සුමතිපාල මහතාගේ හැසිරීම පිළිබද අප්‍රසාදය පලකර ඇති අතර ඔහු ඒ පිළිබද සිදුකළ පැහැදිලි කිරීමද කිසිවකු විසින් නොපිලිගත් බවයි අදාළ වාර්තා හෙලිකරන්නේ.
මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් නියෝජ්‍ය කථානායකවරයා නම් එවන් ස්ථානවෙත නොයන බවයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද සිය දේශපාලනය සදහා යොදාගන්නා බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවූ අතර ඒ එම ස්ථානයේ නිදහස් පක්ෂයට අදාළ රහසිගත දේශපාලන සාකච්ජා පැවැත්වීම හේතුවෙන් බවයි අදාළ වාර්තා හෙලිකරන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :