අගමැතිට අද තීරණාත්මක සාකච්ජාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ අරලිය ගහ මන්දිරයේදීයි. විශ්වාස භංග යෝජනාව හා ඊට අදාළව අගමැතිවරයා ගත යුතු තීන්දු පිළිබද මෙහිදී එම පාර්ශවයන්ගේ අදහස් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික  හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා,ජාතික කම්කරු පෙරමුණේ නායක පී දිගම්බරම්,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක චතුර සේනාරත්න සහ සවාධීන මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම සාකච්ජාවට එක්වීමට නියමිතයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :