තායිවානයට ප්‍රහාරක ගුවන් යානා 2ක් අහිමි වෙයි

තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා 2ක් එකිනෙක ගැටීමෙන් විනාශයට පත්ව තිබෙනවා.
රොයිටර් පුවත් සේවය පැවසුවේ පුහුණුවක් අතරතුර මෙම අනතුර වාර්තා වූ බවයි.
ගතවූ මාස 3 තුල තායිවානයේ ප්‍රහාරක යානා එකිනෙක ගැටී විනාශ වූ 3 වන අවස්ථාව මෙයයි.
චීනය විසින් දිනපතා තායිවාන ගුවන් අවකාශයට ප්‍රහාරක යානා යොමුකිරීම හේතුවෙන් තායිවානය ද හදිසි අවස්ථා වෙනුවෙන් මෙහෙයුම් දැඩි කර තිබෙනවා.
ඒ අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.
මේ අතරතුර තායිවානය විසින් එෆ් 35 වර්ගයේ යානා 30 ක්ද අමෙරිකාවෙන් මිලදී ගැනීමටයි නියමිත වන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *