එක්සත් ජාතික පෙරමුණ අගමැතිට සහය පල කරයි

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කරවීම සදහා ජන්දය භාවිතා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඒ අද අරලිය ගහ මන්දිරයේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ජාවෙන් පසුවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක්කර ජයග්‍රාහී මාවතකට යොමු කළ යුතු බවටයි මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් යෝජනා කර ඇත්තේ.
ඊට එකගතාවය පලවීමෙන් පසු විශ්වාසභංගය පරාජය කිරීම සඳහා තම සහයෝගය ලබා දීමට පක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණ තිබුණා.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණට ආසන 106 ක් පවතින අතර ඉන් 4 දෙනකු හැර අනෙක් පිරිස අගමැතිවරයාට පක්ෂපාතී වනු ඇති බව ප්‍රකාශිතයි. දෙමල ජාතික සන්ධානයද අගමැතිවරයාට සහාය පල කිරීම පිළිබද දැනුම්දී ඇති බැවින් මේ වන විටත් අවශ්‍ය මන්ත්‍රී ආසන ප්‍රමාණය අගමැතිවරයා සතු බවටයි අදහස් පලවන්නේ.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :