විශ්වාසභංගය පරද්දන්න ජනපතිගේ සහාය අගමැතිට ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර එකගතාවයක් නිර්මාණයවී ඇති බව වාර්තාවනවා.
විශ්වාසනීය දේශපාලනික ආරංචි මාර්ග හෙළි කළේ ඊයේ පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වෙනස්කම් සිදුකිරීමේ තීන්දුවද මේ සදහා බලපා ඇති බවයි ප්‍රකාශ වන්නේ.
ඒ අනුව ජාතික ආණ්ඩුව 2020 වසර දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමටද නායකයන් දෙපල එකග වී තිබෙනවා.
2015 ජනාධිපතිවරණයේදී ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දැක්වූ පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් ඉදිරි වසර කිහිපයේදී රජය පෙරට ගෙනයාමටයි මෙම එකගතාවය ඇති කර ගෙන ඇත්තේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :