ශ්‍රීලනිපයට නලීන් බණ්ඩාරගෙන් අභියෝගයක්

නිදහස් පක්ෂය විශ්වාසභංගයට පක්ෂ වුවද රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළා.
හැකිනම් එසේ ජන්දය ලබාදී විශ්වාසභංගය ජයග්‍රහණය කර පෙන්වන ලෙසයි මන්ත්‍රීවරයා නිදහස් පක්ෂයට අභියෝග කළේ.
එසේ විශ්වාසභංගයට සහය ලබාදෙන නිදහස් පක්ෂයේ කැබිනට් / රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ට අපේ්්‍රල් 5 වනදා වන විට එහි ප්‍රතිඵල හිමිවනු ඇති බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ. මේ වන විට එක්සත් ජාතික පෙරමුණ හා දෙමල සන්ධානය අගමැතිවරයාට සහාය පල කරන අතර එයම විශ්වාසභංගය ජය ගැනීමට ප්‍රමාණවත් බවයි නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :