වෙසක් හා පොසොන් පොහෝ දිනවල තොරණ් ප්‍රදර්ශනය සීමා කිරීමට තීරණය කර ඇති බවට පලවූ වාර්තාවල යම් දෝෂයක් ඇති බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.බලපිටිය ප්‍රදේශයේදී පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වෙසක් පොහෝ දින හා පොසොන් පොහෝ දිනවල තොරණ ප්‍රදර්ශනය සීමාකර ඇති බවට අදහස් පල කළ බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තාකර තිබුණා.
වෙසක් හා පොසොන් පෝය දිනවල තරුණයන් ඇතුලු පිරිස් ආගමික වතාවත් වලන යෙදීම වෙනුවට පස්වරුවේ තොරණ් නැරඹීමට පුරුදුව සිටීම සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගත් බවද ප්‍රකාශ වුණා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :