විශ්වාසභංග යෝජනාව මුල් කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද සහ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා රජයේ , වත්මන් ආණ්ඩුවේ හා කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර එවන් තත්ත්වයකදී රජයට හෝ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වීම තුලින් ජනාධිපතිවරයා පිළිබද විශ්වාසයක් නොමැති බවට එය සැලකෙන බවයි ලාල් විජේනායක මහතා සදහන් කරනු ලබන්නේ.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයා මුල් කර ගනිමින් ගෙන ආවද එයින් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසය පලුදු වී ඇති බව යයි ඔහු පැහැදිලි කරනවා.
ඒ අනුව මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කළද පරාජය වුවද ඉන් සෘජු බලපෑමක් ජනාධිපතිවරයාට හිමිවන බවද විජේනායක මහතා සදහන් කළා.
මේ වන විට විශ්වාසභංග යෝජනාවට පක්ෂව අදහස් පල කරන නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් මේ පිළිබද අනවබෝධයකින් කටයුතු කරන බවත් අවශ්‍ය නම් ඔවුන් නෙරපා හැරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයා සතුවන බවත් ලාල් විජේනායක මහතා අවධාරණය කර තිබෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :