PCR අඩු කිරීමෙන් නව කොරෝනා රැල්ලක අවදානමක් / සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම තත්ත්වය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට බලපෑ හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කළේ.

පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ 5000 ක පමණ මට්ටමේ පැවැති බවයි හෙළිකර තිබුනේ.

මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 314ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දෙනෙකු දක්වා ඉහළ ගියා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *