මහ හැරුණු බසය හඹා ගොස් පස්සර දී මරු වෙත ගිය අඹුසැමි යුවල / දරුවන් තිදෙනා තනිවෙලා

පස්සර – 13 කණුව ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ මාරාන්තික බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 14 දෙනාගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ඊයේ දිනය වන විට සිදුකර අවසන් කර තිබෙනවා.
මේ අතරට අඹු සැමි යුවලක් ද ඇතුලත්.
ඇසක ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බදුල්ල රෝහල වෙත යමින් සිටි එම දෙපලට දරුවන් තිදෙනකු ද වන බව සදහන්.
ලුණුගල – අඩාවත්ත ප්‍රදේශයේ පදිංචි එම අඹු සැමි යුවළට ලුණුගල දී බස් රථය මග හැරී තිබුණ ද ඔවුන් ත්‍රිරෝද රථයකින් එය පසුපස හඹා ගොස් අතරමගදී බස් රථයට ගොඩව තිබුණා.
ඉන් පසුවයි අවාසනාවන්ත පරිදි එම බස් රථය පස්සර දී අනතුරට පත්ව තිබුණේ.
සිද්ධියෙන් මිය ගිය අඹු සැමි යුවලගේ දරුවන් තිදෙනාගේ භාරකාරීත්වය මිත්තණියට පැවරී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *