විශ්වාසභංගය පැරදුණත් ආණ්ඩුවෙන් යනවා / සුසිල් කියයි

විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලය කවරක් වුවද තමන් සම්මුති රජයෙන් ඉවත් වන බව විද්‍යා පර්යේෂණ හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර එය පරාජය වුවහොත් නැවත සදාචාරාත්මක ලෙස අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ අසුන් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් තමන් පමණක් නොව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ටද එම තත්ත්වය බලපා ඇති බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ.
මේ වන විට රට තුල ආණ්ඩුවක් පවතින්නේද යන සැකය ජනතාවට ඇති බැවින් විශ්වාසභංගයක් ගෙන ඒම සාධාරණ බවටයි අමාත්‍යවරයා අදහස් පල කරන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :