දුම්රිය වර්ජනයෙන් කොටුව උණුසුම් / වර්ජනය අඛණ්ඩව

පෙර නොදන්වා හදිසි දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් විරෝධය පෑම හේතුවෙන් ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට අතර මේ හේතුවෙන් දැඩි කෝපයට පත් මගීහු දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වටකොට දුම්රිය වර්ජනයට විරෝධය පල කරනු ලැබුවා.

මරදාන දුම්රියපොළේ ද මීට සමාන තත්ත්වයක් හටගත් අතර මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ කොටුව හා මරදාන දුම්රියපොළවලට පිටත්කොට යැවීමටයි කටයුතු කර තිබුණේ.
පසුව දුම්රිය ස්ථාන තුල අතරමංව සිටි මගීන් විශේෂ බස් රථ හරහා පිටත්කර යැවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් බස් සේවයක්ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගත්තේ.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ දුම්රිය වර්ජනය විසදුම් ලැඛෙන තෙක් අඛණ්ඩව සිදුකරන බවයි දුම්රිය රියදුරන් හා නියාමකවරුන් සදහන් කරන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish