විමුක්ති දේශපාලනයට ? හිටපු ජනපතිනියගෙන් මාධ්‍ය නිවේදනයක්

තම පුතා දේශපාලනයට ගෙන ඒමේ කුමන්ත්‍රණය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් පිළිබද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.

අදාළ නිවේදනය මගින් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ යම් දිනක රටේ තරුණ පිරිස් රට ගොඩනැගීමට ඉදිරිපත් වුවහොත් තම පුතා ද ඊට සිය දායකත්වය ලබා දෙනු ඇති බවත් එයට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්ය.

රටේ පොදු ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කිරීමට ඉදිරිපත් වීමෙන් බොහෝ දේ අහිමි කරගත් බවත් තම පියා, සැමියා සහ ඇසක් ද අහිමි කරගත් පරිදි තම එකම පුතුද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ.

 

May be an image of text

May be an image of text

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *