කොවිෂීල්ඩ් එන්නත සුරක්ෂිතයි / ඉන්දියාවෙන් සහතිකයක්

Sri Lanka

ඉන්දියාවේ නිපදවන ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මගින් ලේ කැටි ගැසීමේ කිසිදු අවදානමක් නොමැති බව , ඉන්දියාව අවධාරණය කරනවා.
ඉන්දියාවේ එන්නත්කරණය සම්බන්ධ ජාතික කමිටුවේ සාමාජික වෛද්‍ය , එන් කේ අරෝරා පවසන්නේ මෙතෙක් භාවිත කළ එන්නත් හා අතුරු ඵල සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයන මගින් මෙම දත්ත හෙළිවූ බවයි.
ඒ අනුව ලේ කැටි ගැසීම් හෝ වෙනත් මාරාන්තික අවදානම්වලින් මෙම එන්නත තොර බවද තහවුරු කර තිබෙනවා.
මේ වන විටත් ඔක්ස්ෆර්ඩ් එන්නත රටවල් ගණනාවක සීමා කර තිබුණද එය ඉවත් කිරීමටයි කටයුතු කරමින් පවතින්නේ.
ඒ අනුව කොවිෂීල්ඩ් එන්නත අඛණ්ඩව සපයන බවද ඉන්දියාව අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *