බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කරන්න නිර්දේශ

බස්නාහිර පළාතේ පාසල්වල සියලු ම ශ්‍රේණි ලබන 29 වනදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර තිඛෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ඊට අදාළ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර ඇති බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශය මගින් ගනු ඇති.

බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05ල 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *