රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන අධිකරණ තීන්දුව දෙන දවස

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම දින තුනක් සලකා බැලීමෙන් පසුවයි.

පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම වූ තීන්දුව ප්‍රකාශයට පත් වී අප්‍රේල් මස 8 වන දා වන විට මාස තුනක කාලයක් සම්පූර්ණ වන හෙයින් ඊට පෙර මෙම තීන්දුව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ මාස 3ක කාලයක් නිවාඩු නොලබා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී නොවීම මන්ත්‍රී ධූරයට ගැටළුකාරී ලෙස බලපෑමේ හැකියාව පැවතීම මතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *