උපකාරක පංති ආරම්භ කිරීම ගැනත් සලකා බලනවා – අධ්‍යාපන ඇමති

බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සදහා පාසල් ආරම්භ කිරීමත් සමග උපකාරක පංති ආරම්භ කිරීමට මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ උපකාරක පංති ආරම්භ කිරීම පිළිබද ඉදිරියේදී සලකා බලන බවයි.

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *