සන්ධානයෙන් අද අගමැතිට විශේෂ ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අඅද දිනයේදී විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීමට පෙර එම ධුරයෙන් ඉවත් වන ලෙස යි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත්තේ.
දැනට පවතින තත්ත්වයේදී රජයට අවම හානියක් සිදුවන ගෞරවාන්විත විසදුම එය බවද මෙහිදී අවධාරණය කළ බවයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කළේ.
එසේ නොවන්නේ නම් විශ්වාසභංගයට පක්ෂවීමට පියවර ගනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :