විශේෂ මහාධිකරණ පිහිටුවීමේ ඇතැම් යෝජනාවලට 3න් 2ක් ඉල්ලයි

විශේෂ මහාධිකරණ 3ක් පිහිටුවිමට අදාළව ඉදිරිපත් කෙරුණු අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවද කථානායකවරයා එහිදී සදහන් කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :