බ්‍රිතාන්‍යයේ වේල්ස් අපි අවුරුදු උළෙල අප්‍රේල් 14

බ්‍රිතානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිහිටුවා ගෙන ඇති “වේල්ස් අපි” පදනම දෙවැනි වරට සංවිධානය කරන බක්මහ උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා එංගලන්තයේ කාර්ඩිෆ් හි ලැනිශන් උසස් පාසලේ දී පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.

අවුරුදු චාරිත්‍ර, ජාතික ක්‍රීඩා ,ළමා විවිධ ප්‍රසංගය, ළමා අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, අවුරුදු කෑම මේසය ඇතුළු සියළු සංස්කෘතික අංශ වලින් සමන්විත මෙම උත්සවයේදී සංගීත සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලුම ශ්‍රී ලංකිකයන්ට මේ සඳහා සහභාගී වන්නැයි සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනයක් සිදුකරනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :