මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

Sri Lanka

තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පැතුම් නිස්සංක ඊයේ පත්වුණා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදි විශිෂ්ට ශතකයක් ලබා ගනිමින්.

මීට පෙර මෙම දස්කම දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ

01. බ්‍රෙන්ඩන් කුරුප්පු 201* :1987
02. රොමේෂ් කළුවිතාරණ 132* :1992
03. තිලාන් සමරවීර 103* :2001

පැතුම් නිස්සංක ලකුණු 103 යි.

මේ අතර මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ගත් දෙවැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස ද නිස්සංක වාර්තා අතරට එක් වුණා.
ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 96කට දැවී ගියා.
ලහිරු තිරිමාන්න ලකුණු 76 යි.
ජයග්‍රහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හඹායන කොදෙව්වන් සිව්වන දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 476 යි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *