ගුවන් තොටුපල සේවක වැඩ වර්ජනය අවසන්

රුපියල් 10000ක වැටුප් වැඩිවිමක් ලබා නොදීමට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ ගුවන්තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ / මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සමග පැවැත්වූ සාකච්ජාවකින් පසුවයි.
ඒ අනුව සේවකයින්ට රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් ලබාදීමටයි මෙහිදී එකගවී ඇත්තේ.
මෙම වර්ජනයට ගුවන් තොටුපලේ වෘත්තීය සමිති 5ම එක්ව සිටි අතර එම කාලය තුල ගුවන් තොටුපලේ වායු සමීකරණ හා ජල පහසුකම්ද අක්‍රියවී තිබුණා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :