ශ්‍රීලනිප ජන්ද 12ක් සමග විශ්වාසභංගය පරදවනවා /නියෝජ්‍ය ඇමති හෙළිකරයි

මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව නිසැකවම පරාජයට පත් කරන බව රජය අවධාරණය කරනවා.
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේ ජන්ද 125කට වැඩි සංඛ්‍යාවක් අග්‍රාමාත්‍යවරයාට පක්ෂව හිමිවන බව මේ වන විට තහවුරුව ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 12ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විශ්වාසභංගයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට නියමිත බවයි අලවතුවල මහතා කියා සිටියේ.
2015 ජනාධිපතිවරණයේ පෙරළියට මුල්වූ එක්සත් ජාතික පෙරමුණේ සියයට 99 ක් මෙම විශ්වාසභංගය පරාජය කිරීමට එක්ව සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
අද දිනයේදී විශ්වාසභංගයට පක්ෂව ජන්දය ලබාදෙන කැබිනට් / රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු සියලු දෙනා රජයේ තනතුරුවලින් ඉවත් කිරීමටයි මේ වන විට එකගතාවය පලව ඇත්තේ.
ඒ අනුව එම පිරිස් ඉවත් කරමින් අද රාත්‍රියේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව පෙරට ගෙන යන බවයි ජේ සී අලවතුවල මහතා මාධ්‍ය අමතමින් සදහන් කළේ.
ඒ අනුව විශ්වාසභංගයට පක්ෂවන රජයේ මැති ඇමතිවරුන්ට එය පාරා වලල්ලක් බවට පත්වනු ඇතැයිද ඔහු කියා සිටියා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :