පාසල් වෑන් රථයක දොර හදිසියේ විවෘතවී ඉන් ඇද වැටීමෙන් කුඩා දරුවකු මරුට

Sri Lanka

වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදිය ප්‍රදේශයේ දී අද (25) දහවල් සිදු වූ රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5ක් වන දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වුණා.

පෙර පාසල අවසන් වී නිවෙස් බලා යන ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ දොර හදිසියේ විවෘත වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික  විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හෙට (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *