ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ජය ලැබීමේ අපහසුතාවයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය විශ්වාසභංගයේ දී තීරණාත්මකව බලපාන බවයි.
මේ වන විටත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ තීරණය වෙනස් කර විශ්වාසභංගය ජයග්‍රහණය කරා ගෙන යාමේ උත්සාහයක නිරත බවද මන්ත්‍රීවරයා සදහන් කළා.
එහෙත් ජනාධිපතිවරයාගේ දෙගිඩියාව හේතුවෙන් විශ්වාසභංගයේ ජයග්‍රහණය උගහට වනු ඇති බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන් කළා.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :