ඉන්දියාවේ තත්ත්වය නරක් වෙයි / යළිත් දෛනික ආසාදිතයන් 50,000 ඉක්මවයි

Sri Lanka

යළිත් වරක් ඉන්දියාවේ කොරෝනා මරණ සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

ගත වූ පැය 24 තුළ එරටින් මරණ 249 ක් සහ ආසාදිතයින් 53,419 ක් වාර්තා වී ඇති  බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෝවිඩ් 19 වයිරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

එම නව වයිරස් ප්‍රභේදය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි සැක පළ කරන්නේ.

එම නව ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍යය , දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කෝවිඩ් ප්‍රභේදයන් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *