කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Sri Lanka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පාරාජයෙන් තොරව අවසන් විය.

ලකුණු 375ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම තරගය නිමා වනවිට කඩුලු 04ක් දැවී ලකුණු 236ක් ලබා සිටියේය.

එහිදී ක්‍රමා බොනර් නොදැවී ලකුණු 113ක් ලබාගැනීමට සමත් විය.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 271 ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 169 ලබාගත් අතර දෙවන ඉනිමේ දී ලකුණු 476ක් ලබා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන මාර්තු 29 වැනිදා නෝර්ත් සවුන්ඩ්හිදී ආරම්භ වේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *